Menna Aluthma Eka... Pissu Hadenawa

හලාවත වැල්ලයි, හලාවත රිදී වැල්ලයි මරා ගනී | rajagossip.com

Raja Gossip · 7,647 views
හලාවත වැල්ලයි, හලාවත රිදී වැල්ලයි මරා ගනී | rajagossip.com

හලාවත වැල්ල ග්‍රාමයේ ජනතාව අද (28) දහවල් හලාවත ප්‍රධාන මාළු වෙළදසැල ආසන්නයට පැමිණ
ඊට යාබදව ඉදි කර තිබු අව් වැසි ආවරණයක් කඩා ඉවත් කිරීමත් සමග ගැටුම්කාරී තත්වයක් හට ගන්නා ලදී.

මේ සඳහා හලාවත වැල්ල ගම්මානයේ දහසකට ආසන්න ජනතාවක් එක්ව සිටින ලදී.

හලාවත වැල්ල ගම්මානයේ හා හලාවත රිදී වැල්ල ගම්මානයේ දෙපිරිසක් අතර ඇතිවූ මේ ගැටුම පාලනය කිරීම
සඳහා අමතර පොලිස් නිලධාරීන් කැදවිමටද හලාවත මුලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතාට සිදු විණි.

හලාවත මාළු වෙළදසැල ආසන්නයේ ඉදිකරමින් තිබු මේ අව් වැසි ආවරණය ඉදි නොකරන ලෙසට තමන් සියලු
වගකිවයුතු ආයතන වලින් ඉල්ලා සිටි නමුත් අදාල වගකිවයුතු ආයතන නිහඬ පිළිවෙතක් අනුගමනය කළ හෙයින්
කුපිත වූ ගම්වැසියන් මෙය කඩා බිඳ දැමු බව හලාවත වැල්ල පාරම්පරික ධිවර සංවිධානයේ සභාපති රොෂාන් ප්‍රනාන්දු මහතා පැවසිය.

මේ හේතුවෙන් තම ධීවරයන්ට දැල් බේරා ගැනීමේ ගැටළු මතුවී තිබු බව පැවසූ රොෂාන් ප්‍රනාන්දු මහතා මේ වන විට හලාවත නගරසභාව විසින් ද මෙය අනවසර ඉදිකිරීමක් ලෙස නම් කර තිබෙන බවද, තමන් ගැටුමකට නොගියත් රිදිවැල්ල ගම්වැසියන් කඩු පොලු රැගෙන ගැටුමට පැමිණීම හේතුවෙන් ගැටුම්කාරී තත්වයක් ඇති වූ බව ද වැඩිදුරටත් පැවසිය.

හලාවත රිදිවැල්ල ධිවර කාන්තා සමිතියේ සභාපතිනි ඉනෝකා ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ තමන් මෙය ඉදිකළේ රජයේ පුර්ණ ආශීර්වාදය මත බවයි.

ඒ සඳහා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ විමධ්‍යගත මුදලින් රුපියල් ලක්ෂ පහක මුදලක් ලැබුන බවද පැවසුවාය.

මෙය ඒ අනුව රජයේ ක්‍රියාදාමයක් බව පැවසූ සභාපතිනිය වහාම නිතිය ක්‍රියාත්මක කරන ලෙස පැවසුවාය.

හලාවත නගර සභාව මෙය අනවසර ඉදිකිරීමක ලෙස මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර අනවසර කාර්යයකට රජයේ විමධ්‍යගත මුදල් ලබා දුන්නේ කෙසේදැයි හලාවත වැල්ල ජනතාව ප්‍රශ්න කර සිටි.

මේ පිලිබඳව විමසීමේදී හලාවත ප්‍රාදේශීය ලේකම් අනුර දිසානායක මහතා ප්‍රකාශ කලේ මේ ඉඩම හලාවත නගර සභාවට අයත් නොවන බවයි.

ඒ හේතුවෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අවසරය ඇතිව මේ අව් වැසි ආවරණ ඉදි කල බව පැවසිය.

පැයකට ආසන්න කාලයක් මේ ගැටුම පැවතීණි.

හලාවත මුලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතා ප්‍රධාන පොලිස් නිලධාරීන් ඉතා කල්පනාකාරිව කටයුතු කිරීම මත සිදුවීමට ගිය විශාල විනාශයක් වැළකිණි.

හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Find us on Facebook: http://www.facebook.com/rajagossip
More Video: http://www.youtube.com/rajagossip
More Gossip News: http://www.rajagossip.com

You may also like..