Menna Aluthma Eka... Pissu Hadenawa

Sunil Edirisinghe "සකිසඳ නුඹමය" Sakisanda numbamaya

සකිසඳ නුඹමය කළණ මිතුරු සඳ
කෙනෙකුට සිතුසේ ලබනු බැරී
බිතු සිතුවම් රූ මිතුදම් මෙයමද
සසර පුරා බිඳ දමනු බැරී

නුඹෙ රුව දෙනෙතට රසඳුන් වේමය
දුටු තැන ඇසිපිය හෙලනු බැරී....
කුසුමකි නුඹෙ සිත සුවඳින් උතුරන
රහසේ සඟවා තබනු බැරී

අමයුරු තෙපුලද සුමියුරු ගීයකි
නොඅසා මොහොතක් හිඳිනු බැරී.....
නිරුදක කතරේ දිය දෝතයි නුඹ
කෙලෙසින් වත් මිල කරනු බැරී

ගී පද - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි.
ගී තනු - වික්ටර් රත්නායක
ගායනය - සුනිල් එදිරිසිංහ