Menna Aluthma Eka... Pissu Hadenawa

හාතවාරිය කොලේට මුවාවෙලා අසම්මත වැඩක් කරන්න හැදු නරුමයෙක්ට ගම්මු සැරටම දෙයි

Raja Gossip · 166,777 views
මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවන් දෙදෙනෙකු කැලයකට රැගෙන ගොස් අතවර කිරීමට ගිය පුද්ගලයෙකු ගම්වැසියන් විසින් අල්ලාගෙන මාදම්පේ පොලිසියට භාර දී ඇත. මෙලෙස අත්අඩංගුවට පත්වූ පුද්ගලයා ඊයේ (29) පස්වරුවේ හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කැරිණි .

අත්අඩංගුවට පත් වූ සැකකරු නාත්තන්ඩිය තබ්බෝව ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි පුද්ගලයෙකු බව මේ වන විට අනාවරණය වී ඇත. මොහු කලක් විදේශ ගතව සිට පැමිණ ඇති අතර මේ වන විට මොහුගේ බිරිද විදේශ ගතව සේවය කරයි.

කලක සිටම තමා යතුරුපැදියෙන් ගමින් ගමට ගොස් මෙලෙස කුඩා දරුවන් සොයාගෙන ලිංගික අතවර කල බව සැකකරු පිළිගෙන ඇත. සමහර අවස්ථාවලදී කුඩා දරුවනට මුදල් පවා දුන් බව සැකකරු පිළිගෙන තිබේ.

සිද්දිය වූ දින සැකකරු මේ කුඩා දරුවන් කැලයට රැගෙන ගොස් ඇත්තේ තමාට හාතවාරිය අවශ්‍ය වී ඇති අතර එය තමන් නොහදුනන බැවින් එය පෙන්වා දෙන ලෙස ඉල්ලමිනි.

මේ සිදුවීම විස්තර කල ගල්මුරුව පදිංචි තරුණයෙකු වන ලහිරු උදය කුමාර .

මේ පුද්ගලයා කීපවරක්ම බයික් එකේ මේ ස්ථානයේ කැරකුනා. මේ නිසා අපිට මුල ඉදලම සැක හිතිලයි තිබුනේ. මාත් එක්ක මගේ යාලුවා දිනේෂ් චතුරංගත් හිටියා. ඒ ඉද්දි තමයි පොඩි පිරිමි ළමයි දෙන්නෙක් එක්ක මේ පුද්ගලයා කැලයට ගියේ. අපි මුලින් හිතුවේ මේ පුද්ගලයා ළමයි දෙන්නගේ කවුරු හරි කියල.

මේ තුන් දෙනා කැලයට ගිහින් විනාඩි දහයක් විතර ගියා. අපිට නිකමට හිතුනා ගිහින් බලන්න ඕනෑ කියල. ඒ යනකොට තමයි දැක්කේ පොඩි ළමය අඩනවා. ලොකු පිරිමි ලමයව මේ මිනිහ බෙල්ල හිරකරගෙන අල්ලාගෙන ඉන්නවා. අපි දෙන්න ගහල ළමයි දෙන්නව බෙර ගත්තා. එතකොට මේ මිනිහ කිව්වා සල්ලි දෙන්නම් අත හරින්න කියල. අපි බැහැ කියල, ගමේ අයට කතා කලා. එත කොට තමයි ගමේම අය එකතු වෙලා මේ පුද්ගලයාට හොදටම ගහල පොලිසියට භාර දුන්නේ. අපි දෙන්න ඒ වෙලාවේ නොගිය නම් ළමයි දෙන්නට ලොකු කරදරයක් වෙන්න තිබුනා.

මේ සිදුවීමට මුහුණ දුන් දරු දෙදෙනාගේ මව සිද්දිය විස්තර කලේ මෙසේයි.

දරුවෝ දෙන්නා ගෙදරින් ගියේ යාලුවෙකුගේ ගෙදරට සෙල්ලම් කරන්න.ඒ යාලුවා සරුංගල් අරින්න වේලට ගිය ආරංචියට තමයි මගේ දරුවෝ දෙන්නත් වේලට ගිහින් තියෙන්නේ. ඒ යද්දී තමයි මේ පුද්ගලයා මගේ දරුවෝ දෙන්න රවට්ටගෙන කැලයට ගෙනහින් තියෙන්නේ. ගමේ තරුණයන් නොදැක්ක නම් ලොකු විනාශයක් වෙන්න ඉඩ තිබුන. සමහර විට මගේ දරුවෝ මරලා දාල යන්න පවා තිබුන.ඒ නිසා මම මේ තරුණයන්ට ස්තුති කරනවා. ඒ වගේම මම දෙමාපියන්ගෙන් ඉල්ලන්නේ දරුවන් ගැන මේ නිවාඩු කාලේ ලොකු අවධානයකින් ඉන්න කියලයි .

මාදම්පේ පොලිසිය මේ සිදුවීම් පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(ශානිකා හේමන්ති - පුත්තලම)