Menna Aluthma Eka... Pissu Hadenawa

නිදියහනේදී බිරිඳගේ දැක්ක දෙයක් නිසා සැමියා නොසිතූ දෙයක් කරයි

Raja Gossip · 121,164 views
සිය බිරිද අනියම් සැමියෙකු සමග යහන් ගතව සිටින අයුරු සියැසින් දුටු පුද්ගලයෙකු අනියම් සැමියාට කඩුවකින් පහරදී බරපතල තුවාල සිදු කිරීමේ පුවතක් පුත්තලම, උඩප්පුව පොලිස් වසමට අයත් මාඑලිය ග්‍රාමයෙන් වාර්තා වේ.

මේ සිදුවීමත් සමග කෑලෑ වදින ලද බිරිද නිවස ආසන්නයේ ලදු කෑලෑවක ගසක එල්ලී මියගොස් සිටියදී ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන ඇත.

මේ මරණය සිය දිවි නසා ගැනීමක්ද ඝාතනයක්ද යන්න අද (13 ) දහවල් වනතෙක් තහවුරු වී නොතිබිණි.

මෙලෙස මියගොස් ඇත්තේ නිශාදි නිමේෂිකා (27) නමැති එක දරු මවකි.

මේ සිදු වීමෙන් බරපතල තුවාල ලැබූ සුපුන් නමැති අය මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත. ඔහුගේ තත්වයද බරපතල බව වාර්තා වේ.

මේ සිදුවීමට අදාලව කඩුවත් සමග මුන්දලම පොලිසියට භාර වූ අසංක කුමාර නමැති සැකකරු අද (13) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි .

මේ තහනම් ඇසුර නවත්වන ලෙස වසරක කාලයක සිට සැකකරු මෙන්ම ඥාතීන්ද මියගිය කාන්තාවගෙන් ඉල්ලා ඇතත් ඇසුර දිගටම පවත්වාගෙන යාමට කටයතු කිරීම් මේ මරණයට හේතුව බව මියගිය කාන්තාවගේ ඥාතියෙකු වන රොහාන් අජිත් මහතා පැවසිය. වයස අවුරුදු හතරාමාරක කුඩා පිරිමි දරුවෙකු මේ සිදුවීමෙන් තනි විණි. දැනට තුවාල ලබා රෝහල් ගතව ඇති පුද්ගලයාද විවාහකයෙකි.

උඩප්පුව පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

You may also like..