Menna Aluthma Eka... Pissu Hadenawa

CHAPA talks of the stage drama, ''මං කෙළින් මිනිහෙක්!'' on nidahas, July, 22, 2018

මං කෙළින් මිනිහෙක් shared a live video.
July 23, 2018, Yesterday at 9:38 AM ·
මේ කුමාර චාප බණ්ඩාර මං කෙළින් මිනිහෙක් අළලා කළ අදහස් දැක්වීමකි. නාට්‍ය සමඟ මේ සංවාදය පෙරට ඒම ඉතාම සුබවාදී ලකුණක් ලෙස අපි සලකන්නෙමු. අප මුලසිටම උත්සාහ කළේත් ආරාධනා කළේත් සංවාදය පෝෂණය කිරීම උදෙසා කෙළින් මිනිහෙක් නිමිත්තක් කරගමු කියා ය. චාප බණ්ඩාර අදහස් දැක්වීමට අපි ස්තූතිවන්ත වන අතර ඔහුගේ මැදිහත් වීම අගය කරන්නෙමු. එහෙත් අවධාරණය කළ යුතු යමක් තිබේ. ඔහුගේ අදහස් දැක්වීම තුළ වක්‍රෝත්තියෙන් අරාජිකත්වය නිර්මාණය කිරීම උදෙසා දියත් වන එන්.ජී. ඕ නාට්‍ය ප‍්‍රවාහයක් ගැන කියවෙන අතර කෙළින් මිනිහෙක් ද එවැනි එන්.ජී. ඕ නාට්‍යක තැනට තල්ලූ කිරීමට උත්සාහයක නියැලේ. චාපා බණ්ඩාර මහතාට අපි ඉතා ගෞරවයෙන් සහ පැහැදිලිව සඳහන් කරන්නේ අප පසුපස හෝ ඉදිරියෙන් හෝ අපට සමාගමීව හෝ එවැනි කිසිදු එන්.ජී.ඔ් ව්‍යාපෘති නැති බවත් අරාජිත්වයට රට ඇදගෙන යාම අපේ අරමුණ නොවන බවත් ය. තමන්ට හසුනොවන සියල්ලත් තමන් එකඟ නොවන සියල්ලත් එන්.ජී. ඕ ව්‍යාපෘති ගොඩට ඇදදමා කොක්කේ එල්ලීමේ සුලබ සේම තිරස්චීන වෑයම ඉතා පිළිකුළෙන් හෙළා දකින බවත් සඳහන් කරනු කැමැත්තෙමි.
Asanka Sayakkara
අසංක මෙහෙම කියනවා, ''ඔහුගේ අදහස් දැක්වීම තුළ වක්‍රෝත්තියෙන් අරාජිකත්වය නිර්මාණය කිරීම උදෙසා දියත් වන එන්.ජී. ඕ නාට්‍ය ප‍්‍රවාහයක් ගැන කියවෙන අතර කෙළින් මිනිහෙක් ද එවැනි එන්.ජී. ඕ නාට්‍යක තැනට තල්ලූ කිරීමට උත්සාහයක නියැලේ. චාපා බණ්ඩාර මහතාට අපි ඉතා ගෞරවයෙන් සහ පැහැදිලිව සඳහන් කරන්නේ අප පසුපස හෝ ඉදිරියෙන් හෝ අපට සමාගමීව හෝ එවැනි කිසිදු එන්.ජී.ඔ් ව්‍යාපෘති නැති බවත් අරාජිත්වයට රට ඇදගෙන යාම අපේ අරමුණ නොවන බවත් ය.'' මම ඔච්චර අමු තක්සේරුවක් කරලා නැහැ, මම යෝජනා කරන්නෙ අපි අදාළ තත්වය ගැන සංවාදයක් ගොඩ නගමු කියල. එත් ඔහු ඊළඟට; ''තමන්ට හසුනොවන සියල්ලත් තමන් එකඟ නොවන සියල්ලත් එන්.ජී. ඕ ව්‍යාපෘති ගොඩට ඇදදමා කොක්කේ එල්ලීමේ සුලබ සේම තිරස්චීන වෑයම ඉතා පිළිකුළෙන් හෙළා දකින බවත් සඳහන් කරනු කැමැත්තෙමි'' ඔහොම කියනවා. අසංක, ඔබ, ''තමන්ට හසු නොවන'' කියල තක්සේරු ස්වයං ඒකකයක් හදාගෙන, අනෙකා සහ යෝජිත සංවාද අවකාශය ''පිළිකුළෙන් හෙලා දකිනකොට'' කොහොමද මිත්‍රයා, අපි ඉස්සරහට යන්නෙ?! මම උත්සහ කරමින් ඉන්නෙ මේ ගෙවෙන මොහොතට අදාළ දේශපාලන සන්දර්භය පැහැදිලි කරන්න, ඔබ උනන්දු නං අපි දිගටම කතා කරමු!
CHAPA