Menna Aluthma Eka... Pissu Hadenawa

උඩරට මැණිකේ ඩ්‍රයිවර් දන්නෙත් නැතුව පෙට්ටි ටික තියලා එන්ජිම ගිහින්

Raja Gossip · 27,116 views
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය හැටන් සිංගිමලේ උමං මාර්ගය අසලදි එන්ජිම මැදිරිවලින් ගැලවි අඩි විස්සක් පමණ ඉදිරියට ධාවනය වි ඇති බව එම දුම්රියේ ගමන් ගත් මගින් පවසනවා.

හැටන් දුම්රිය ස්ථානයෙන් ඊයේ (25) පස්වරු 2.30 ට ගමන් ආරම්භ කළ එම දුම්රිය සිංගිමලේ දුම්රිය උමං මාර්ගය අසලදි ඉදිරිපස එන්ජිම මැදිරිවලින් වෙන්වි අඩි විස්සක් පමණ ඉදිරියට ධාවනය විමෙන් පසුව නැවතත් එන්ජිම ආපසු මැදිරි වෙත පසු පසට පැමිණ වෙන්වු මැදිරි දුම්රිය රියදුරන් විසින් එක්කළ බවයි එම දුම්රියේ ගමන් ගත් මගින් පැවසුවේ.

පසුව එම දුම්රියේ ඉදිරිපස එන්ජිමේද කාර්මික දෝෂයක් ඇතිවිම නිසා බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය යලිත් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණියා. උඩරට මැණිකේ දුම්රියේ පැමිණි විශාල මගින් පිරිසක් ඊට පසුව බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු විශේෂ දුමිරියක නංවා යැවිමට හැටන් දුම්රිය ස්ථානයේ නිළධාරින් කටයුතු කළා.

කාර්මික දෝෂයකට ලක්වි ඇති උඩරට මැණීකේ දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ ගාල් කර තිබෙනවා.

Find us on Facebook: http://www.facebook.com/rajagossip
More Video: http://www.youtube.com/rajagossip
More Gossip News: http://www.rajagossip.com

You may also like..