Menna Aluthma Eka... Pissu Hadenawa

Aprilia SR150 Motor Review Sri Lanka

Raja Gossip · 8,672 views
#ApriliaLanka #MotorReview #SriLanka #ALPHARED

Aprilia SR150 Motor Review Sri Lanka.

*Listed prices may changed without prior notice.

New Prices:
Aprilia SR 150 - LKR 335,000
Aprilia SR 150 Race - LKR 363,000

පසුගිය දින කිහිපයේ Facebook එක පුරා තිබුණු අලුත් සපෝර්ට් ස්කූටරයක් ගැන හැමෝම කතා වෙනවා. ඉතින් අපි හිතුවා මේක ගැන පොඩ්ඩක් විපරම් කරලා බලන්න. මේ ස්කූටර් එක ලංකාවට ගෙන්වන්නේ Colonial Motors (Ceylon) Ltd. සමාගමයි. දැනට ලංකාවේ තිබුණු ස්කූටර් මාර්කට් එක වෙනස් කරන්න මෙන්න මේ ස්කූටරේ ගෙනාවා කියලා තමයි ඒ සමාගමේ ප්‍රකාශකයෙකු රජ ගොසිප් අපිට කිව්වේ.

Aprilia SR150 කියන්නේ සපෝර්ට් ස්කූටර් එකක්. ඒ කියන්නේ වේගය සහ ආරක්ෂාව මුල් කරගෙන නිෂ්පාදනය කරන ස්කූටරයක්. මෙහි එන තාක්ෂණය සාමාන්‍ය ස්කූටර් වලට වඩා වෙනස්. මේ හේතුව නිසාම ශ්‍රී ලංකාවේ ස්කූටර් මාර්කර්ට් එකේ Aprilia SR150 ස්කූටරයට තරඟකාරීත්වයක් නැහැ.

ඉතාලි ජාතික සමාගමක් වන Piaggio සමුහ ව්‍යාපාරයට අයත් Aprilia වෙළද නාමය , ලොව සුපර් බයික් නිෂ්පාදකයන් අතරේ අංක එකේ වසර ගණනාවක් දිගින් දිගටම සිටින සමාගමක්. මේ හේතුව නිසාම Aprilia නිෂ්පාදන සඳහා ලොව වටා තිබෙන ඉල්ලුම විශාලයි. මෙම ඉල්ලුම සපයන්න ඉතාලිය, වියට්නාමය, ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව සහ ඇමෙරිකාව යන රටවාල Aprilia නිෂ්පාදනාගාර පිහිටුවා තිබෙනවා. ලොව වටා තිබෙන සෑම නිෂ්පාදනාගාරයකම නිෂ්පාදනය වන සුපර් බයික් සහ ස්කූටර් එකම තත්වයෙන් වෙළදපොළට නිකුත් කරන්න මෙම නිෂ්පාදනාගාර වල එකලස් කරන ක්‍රියාවලියට අදාළ රට වල සේවකයන් සහභාගී වුනත් තත්තව පාලනය සඳහා ඉතාලි ජාතික ඉංජිනේරුවන් පමණක් සහභාගී කරවීමට Piaggio සමාගම වගබලාගෙන තිබෙනවා.
අපි දැන් බලමු මේ Aprilia SR150 ස්කූටරේ තිබෙන විශේෂත්වය,
Engine

Aprilia SR150 ස්කූටරේ එන්ජිම 150CC Euro 4 එන්ජිමක්. ලංකාවේ වෙළදපොලේ තිබෙන සාමාන්‍ය ස්කූටර් වල එන්ජිම 115CC වලට අඩු අගයක තමයි තිබෙන්නේ. එන්ජිමේ තිබෙන අඩු බලය නිසා උපරිම වේගය 40-60 අතර සීමා වෙනවා. නමුත් Aprilia SR150 ස්කූටරය එහි තිබෙන 150cc එන්ජිම නිසා තප්පර 10ක් වැනි සුළු කාලයකදී උපරිම වේගය පැයට කිලෝමීටර 100 කට පහසුවෙන්ම ලංවිය හැකියි.
Breaking system

Aprilia SR150 ස්කූටරේ ඉදිරිපස ඇති 220mm ඩිස්ක් බ්‍රේක් (Disk break) පද්ධතිය සහ පසුපස ඇති 140mm ඩ්‍රම් බ්රේක් (Drum break) පද්ධතිය පැයට කිලෝමීටර් 80ක වේගයෙන් ගමන් කරන අවස්ථාවකදී වුවත් අඩි කිහිපයකින් නැවැත්වීමේ හැකියාවක් ලබා දී තිබෙනවා.
Wheel and Tires

මෙම ස්කූටරයේ එන අගල් 14" Alloy Wheel සහ 120-70-14 Sport ටයර් නිසා ස්කූටරයේ පෙනුම වගේම ධාවනයේදී ලැබෙන හැසිරවීමේ පහසුව නිසා එක් වතාවක් හෝ මෙම ස්කූටරය ධාවනය කරන ඕනෑම කෙනෙක් Aprilia SR150 ස්කූටරය මිලදී ගන්න පෙළබෙනවා. මෙම Sport ටයර සහ අගල් 14" ඇලෝයි වීල් නිසා වංගු ගැනීමේදී අංශක 45 කෝණයකට ස්කූටරය ඇලකිරීමේ හැකියාව ස්කූටරයේ වේගය එක දිගට පවත්වාගෙන යාමට උපකාරී වෙනවා.
Design and Safety

Aprilia සමාගමටම අවේනිකවූ සුපර් බයික් තාක්ෂණයෙන්ම නිපදවා ඇති Aprilia SR150 ස්කූටරයේ චැසිය සිට පිටත රාමුව දක්වා ස්කූටර් ධාවකයාගේ ආරක්ෂාව මුලික කරගෙන නිෂ්පාදන කර තිබෙනවා. ඊට මුලික හේතුව වන්නේ සාමාන්‍ය ස්කූටරයකට වඩා වැඩි වේගයක් පහසුවෙන්ම ලබා ගැනීමේ හැකියාව නිසාමයි.

මෙම ස්කූටරයේ බාහිර අලංකාරය වැඩිකිරීම සඳහා Aprilia සමාගම සුපර් බයික් හෙඩ් ලයිට් වලට සමාන ඩබල් බැරල් හෙඩ් ලයිට් යොදා නිෂ්පාදනය කර ඇති අතර දහවල් කාලයේදී ඇතිවන අනතුරු අඩු කිරීමේ අරමුණෙන් on-light එහෙමත් නැත්නම් running light සමග පැමිණෙනවා.
Aprilia SR150 ස්කූටරයේ Test ride එකක් යන්න, වැඩි විස්තර දැනගන්න අමතන්න 011 7699555.